හම්බන්තොට වරයා සෑදීමට ඩොලර් මිලියනක් වියදම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් වරාය ඉදිකිරිමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1348 ක් ලෙස සටහන්ව ඇති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ අනුව ඩොලර් මිලියන 1000කට ආසන්න මුදලක් පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නොදැනුවත් බවත් ඒ අනුව ඔහුගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේම හම්බන්තොට වරායේ සේවකයන් අස්කරන ලෙසට අග්‍රාමාත්‍යවරා තමන්ට උපදෙස් දුන් බවට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටක් අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.