ගමට ක්‍රීඩාව රැගෙන යන බවට කතාවක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තුළ සිටින්නේ ගමින් නගරයට පැමිණ ක්‍රීඩාවේ ඉහළට ගමන් ගත් ක්‍රීඩකයින් බව පාර්ලිමේන්තුම මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ අනුව ගමේ සිටිනා දක්ෂයින් හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
ක්‍රීඩා ක්ෂේත්රය ඉදිරියට යෑමේදී පෞද්ගලික හා රාජ්‍ය ඒකාබද්ධතාවයෙන් ඉදිරියට ගමන් කළ යුතු බවත් රජයන් මාරු වන විට වෙනස් නොවන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.