ජාතික නාමල් උයනේ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබේ.
ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දෙදෙනෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුවූ බව කියැවේ.
වෙඩි තැබීමෙන් කිසිවෙක් තුවාල ලබා නොමැත. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා නාමල් උයනේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ද වෙයි.