පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලය පාවිච්චි කරමින් රුපියල් කෝටි 12 1/2කට අධික මිලක් ගෙවා ආයතනයක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කොට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා නාමල් රාජපක්ෂ මහතා හැර සෙසු සැකකරුවන් 07 දෙනාට විදේශගත වීම තහනම් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට පූර්ණ සේවා සලසන ‘%හෙළිකොප්’ නමැති ආයතනයක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කොට ඇතැයි කියමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් විදේශගත වීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළේය.
එමෙන්ම %‘ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගම’ හා ‘%එන්.ආර්. කන්සල්ටන්සි පෞද්ගලික සමාගම’ යන ආයතනවල බැංකු ගිණුම් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා එහි තැන්පත් කොට ඇති මුදල් අධිකරණ නියෝගයක් නොමැතිව කිසිදු පුද්ගලයෙකුට මුදා නොහරින ලෙස බැංකු හා මූල්‍ය සමාගම් හතරකට නියම කළේය.
දූෂණ විරෝධී ජාතික සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ඒ අනුව රටින් පිටව යෑම තහනම් කරන ලද්දේ න්ත්යා සෙනානි සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා, පවිත්‍රා සුඩානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ, දිල්රුක්ෂි දිසානායක, හිමාල් ලලිත් හෙට්ටිආරච්චි සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ටය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව දැනුම්දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය %‘එන්.ආර්. කන්සල්ටන්සි පෞද්ගලික සමාගම’ විකිණීමෙන් ලත් මුදල්වලින් මෙම ආයතනය මිලදී ගත් බව ඔහු කීවද ඒ බව ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සඳහන් කර නැතැයිද දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන පරීක්ෂණවල ප්‍රගතිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 31 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.