මම නාමල් රාඡපක්ෂ පස්සෙ ගියෙ නෑ. බය නැතුව කියනව මොකද ඒ චරිතෙ අපිට හරි ගියෙ නෑ. ඒ චරිත තමයි රටේ තරුණ ඡිවිත විනාශ කළේ යැයි සේරුවිල ආසනයේ නව සංවිධායක ලෙස පත්වූ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතාගේ පුත් නලින් ගුණවර්ධන මහතා පැවැසීය.
අද (04දා) පෙරවරුවේ දළදා සමිදුන් වැද මල්වතු අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ඔහු එම අදහස් දැක්වීය.
“නාමල් රාඡපක්ෂ මහත්තය මා ඉදිරිපිටම මගේ තාත්තට මචං කියල තුන් සැරයක්ම කිවුව. මගෙ තාත්ත නාමල්ගෙන් ඇහුව පුතා ඔයාගෙ තාත්තත් මට මචං කියනව පුතත් මචං කියනව කියල”