මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය ලබන බ්‍රහස්පතින්දා නිකුත් කරනු ඇතැයි වාර්තා වේ. මෙකී නිවේදනයට අනුව දැනට විසුරුවා ඇති බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා ඉදිරිපත් කළ යුතු වෙයි.
නාමයෝජනා අවසන් වී සති 05 - 08 ත් අතර දිනයක මැතිවරණය පැවැත්වෙනු ඇත. මේ අතර දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා සඳහා අපේක්ෂකයන් තේරීමට අදාළ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් වන රැස්වීමක් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පැවැත්වීමට නියමිතය.