නානුඹය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු අට දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ නානුඔයේදී ඊයේ (15දා) සිදු වූ අනතුරකින් පසුව ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන්.
කහ ඉර මතදි සිසුවියක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුවූ අතර දැරිය එම ස්ථානයේදීම මියගිය අතර පසුව ප්‍ර දේශවාසින් ටිපර් රථයට ගිනි තැබීමට කටයුතු කළේය.
මේ පිළිබඳව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක්ද පැවැත්වෙයි. පොලිස් ස්ථානාධිපති, පොලිස් කොස්තාපල්වරු 5ක් හා පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙකු මෙසේ මාරු කර තිබේ.