නාඩා සුලි කුනාටුව හේතුවෙන් ඊයේ (01) ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් 10 ක් අතුරුදන්ව ඇති බවත් ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු සමග යාත්රාවක් යාපනයට ගසාගෙනවිත් ඇති බවද යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් පවසා සිටියේය.
සුලි කුනාටුව යාපනයට බලපෑම සම්බන්ධයෙන් විමසීමේදී දිසාපතිවරයා මේ බව කියා සිටි අතර එහිදී දිසාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,
“බෙංගාල බොක්කේ දැඩි පීඩින අවපාතය නිසා අපේ දිස්ත්රික්කයට දැඩි බලපෑම් එල්ලවලා තියනවා. ඊයේ යාපනය පේදුරුතුඩුවේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් 10 ක් අතුරුදන් වෙලා තියනවා. ඒ වගේම ඉන්දීය ධීවරයන් හයදෙනෙකුත් ගසාගෙන ඇවිත් සිටියදී පොලීසියට භාර දුන්නා. වර්ෂාව නිසා දැනට පවුල් 57 කට අයත් පුද්ගලයන් 159 දෙනෙකුට බලපෑම් එල්ල වෙලා තියනවා.”යනුවෙනි.
මේ හේතුව නිසා අද (02දා) දිනයේද ධීවරයන් මුහුදු ගමන් යාමෙන් වැලකී සිටින ලෙසද ධීවර පරික්ෂක කාර්යාල හරහා දැනුම්දී ඇත.