එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නාඋල ප්‍රාදේශීය සභා 2015 අයවැය අද (22දා) දින පරාජයට පත්විය.
නාඋල ප්‍රාදේශීය සභාවේ සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නවයකි. ඉන් පස්දෙනෙකු සන්ධාන රජය නියෝජනය කරන අතර, විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිටිති. එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකුද සිටියි.
මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර රහස් ඡන්දයක් අවශ්‍ය බව ස්වාධීන මන්ත්‍රී සුසිල් ප්‍රේමරත්න මහතා යෝජනා කළේය.
එහිදී සභාපති සනත් දසනායක මහතා සභාවේ සෙසු පිරිසගෙන් ඒ පිළිබඳව විමසා සිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප කර සිටියහ. නමුත් බහුතරයකගේ මතයට අනුව ලේකම්වරයා රහස් ඡන්දයක් පැවැත්වීය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද හතරක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද පහක් හිමිවිය. ඒ අනුව එක් වැඩි ඡන්දයකින් නාඋල ප්‍රදේශීය සභාවේ මෙවැර අයවැය පරාජයට පත්විය.
නාඋල - ඉන්දික රුවන් කුමාර