නළදරු උපත් පිළිබඳව රජයේ අවධානය
නළදරු උපත් ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉදිරියේදී රාජ්‍ය අංශයෙන් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (25දා) පස්වරුවේ පැවති පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමයක් වන නළදරු උපත් (IVF) ලංකාවේදී සිදු කර ගැනීමට සඳහා අවශ්‍ය ඉදිරියේදී රාජ්‍ය අංශයෙන් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම අපේ අරමුණක්. නමුත් මේ සඳහා වැය වන විශාල ප්රාග්ධනය සහ ඒ සඳහා ප්‍රතිපාදන සකස් කර ගැනීම අපට අභියෝගයක්.
එම අභියෝග සියල්ල ජයගෙන දියුණු රටවල මෙන් මඳසරුභාවයට ප්‍රතිකාර කිරීමට සැලසීම තුළින් අප රටේ මඳසරුබාවයෙන් පෙළෙන සැලකිය යුතු පිරිසකට දරු සම්පත ළඟා කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


