සුළු වර්ෂා තත්ත්වයක් ඇති වුවද පවතින වියළි කාලගුණ තත්ත්වය එලෙසම පවතින නිසා අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් නළ ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.
ජල කප්පාදුවකින් තොරව පානීය ජලය ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය විශාල උත්සහයක් ගනිමින් සිටින බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ත සුමනසේකර මහතා සඳහන් කළේය.
වාහන සේදීම සහගෙවතුවගා ආදිය සඳහා විකල්ප ක්‍රම මගින් සපයාගන්නා ජලය භාවිත කරන ලෙසත්, අත්‍යවශ්‍යම කටයුතුවලට පමණක් නළ ජලය භාවිත කළයුතු බවත් ඔහු පවසා සිටියේය.
ජලය අරපරිස්සම් කර ජනතාව සහයෝගය ලබාදුනහොත් ආසන්න වර්ෂා කාලය වනතෙක් කප්පාදුවකින් තොරව ජලය ලබාදීමට හැකි බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.