නවසීලන්ත ගුවන් තොටක් බෝම්බ බියකින් ඇලලෙයි
නවසීලන්තයේ, ෆ්රැන්ක්ටන් හි ක්වීන්ස්ටවුන් ගුවන් තොටුපොළේ බෝම්බ බියක් නිසා මගීන් ඉවත් කිරීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් තොටුපොළ වෙත සිඩ්නි නුවර සිටි පැමිණි ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් පවතින බවට ලැබුණු පණිවුයක් මෙසේ ගුවන් තොටුපොළ පිරිස් ඉවත් කිරීමට හේතු විය.
මේ තත්ත්වයත් සමග ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට තිබූ ගුවන් යානා කිහිපයක්ද වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.
එහිදී, පොලීසිය සමග එක්ව මේ සම්බන්ධයෙන් ආරක්ෂක පියවර ගැනීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර තිබූ අතර, ගුවන් තොටුපොළ පර්යන්ත කිහිපයක් වසා දමා තිබේ.
කෙසේ වෙතත්, යානයේ මූලික සෝදිසි කිරීම්වලින් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට නොහැකි වුවත්, ගුවන් යානයේ පැමිණි මගී ගුවන් භාණ්ඩද යම් සෝදිසියකට ලක්කර ඇත.
මෙසේ පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණ පරීක්ෂාවකින් පසුව පොලීසිය විසින් ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමට අවසර ලබාදුන්නත්, ඒ පිළිබඳ පරීක්ෂණ තවදුරටත් පවත්වන බව පවසා තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

