නවසීලන්ත අගමැති ජෝන් කී මහතා නිල සංචාරයක් සඳහා හෙට (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය
පවසයි.
හෙට (23) සිට 27 වනදා දක්වා සිවුදිනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවත්, නවසීලන්ත අගමැතිවරයා සමග පැමිණීමට නියමිත එරට වෙළෙඳ නියෝජිතයන් එළඹෙන 25 වනදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇමතීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
සංචාරය අතරතුර නවසීලන්ත අගමැති ජෝන් කී මහතා විසින් ජාත්‍යන්තර ප්රජාතාන්ත්රීය සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන දරනු ඇති බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.