කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 39 වන වාර්ෂික නවම් මහ පෙරහැරේ අවසන් මහ පෙරහර අද (22) පස්වරුවේ විථි සංචාරය කරීමට නියමිතය. මෙම නවම් පෙරහැර හේතුවෙන් අද (22) පස්වරු 04.00 සිට විශේෂ රථ වාහන සැළැස්මක් ක්රියාත්මක කරන බවත් ඒ අනුව අද පස්වරු 04.00 සිට අළුයම 01.00 දක්වා පෙරහැර විථි සංචාරය කරන මාර්ගවල මෙම රථවාහන සැළැස්ම ක්රියාත්මක බව පොලීසිය පැවසුවේය.
හුණුපිටිය වැව පාර මාර්ගයෙන් ආරම්භ වී ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත, පාක්විදිය, ධර්මපාල මාවත ඔස්සේ රතු කුරුස හන්දිය දක්වා මාර්ගයේ පදිකවේදිකාව මත පෙරහැර පෙළ ගැස්විම පස්වරු 04.00 සිට සිදු කරන බවත් මේ හේතුවෙන් එම කාලය තුළ අදාළ මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.