කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහරේ සාධාතුක කරඬුව මංගල හස්තියා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් අද (22දා) සවස 6.30ට සිදුකෙරේ.
නවම් මහා පෙරහරේ පළමු දිනය වූ ඊයේ (21දා) සධාතුක කරඬුව වැඩම කිරීම හා මංගල හස්තියා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල වීදි සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද පෙරහර කමිටු සඳහන් කරයි.