නවගමුව, රණාල හංදියේදි කඩයක කෑම කිමින් සිටි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා බරපතල තුවාල කර මරා දමා ඇතැයි පොලිසීය කියයි.
අද (06දා) පෙරවරුවේදී මෙම ඝාතනය සිදුව තිබේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පී. වීතානගේ රුවන් චාමර යන අය නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැති අතර නවගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.