නවක වදයට එරෙහිව නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නවකවදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දඬුවම් කරන්න පුළුවන් නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිල්ල අවශ්‍ය අතර බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ගැන පැමිණිලි කිරීමට උනන්දුවක් දක්වන්නේ නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සඳහ අද වන විට පැමිණිලි ලැබි තිබෙන අතර ඒ අනුව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ලෝකේ කිසිම රටක මේ වගේ නිදහස් අධ්‍යාපනයක් නැති අතර කිසිම රටක නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වගේ හිරිහැර කරන්නේ නැති බව ද සඳහන් කළේය.