පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු විසින් ඊයේ (19දා) රාත්‍රියේ අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදී පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
නවක වදයට ලක්වු සිසුන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව පේරාදෙණිය පොලීසිය පවසයි.
ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත රාත්‍රී 10.00ත් 11.30 අතර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනා අද (20දා) මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ සම්බන්ධව විශ්වවිද්‍යාලය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාලය පරිපාලනය සඳහන් කරන ලදී.