නවක වද චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පේරාදෙණිය සරසවියේ සිසුන් 15 දෙනා ලබන මස 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) නියම කෙරිණ.
මෙම සැකකාර සිසුන් 15දෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් බව පොලීසිය සඳහන් කරන ලදී.
පේරාදෙණිය පොලීසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.