යුද හමුදාපති දයා රත්නායක මහතාගේ ධුර කාලය පෙබරවාරි 21 වැනිදා අවසන් වීමත් සමගම 22 වැනිදා නව යුද හමුදාපතිවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යුද හමුදාපති දයා රත්නායක මහතාගේ ධුර කාලය කිසිදු අයුරකින් දීර්ඝ නොකිරීමට මේ වනවිට තීරණය කර තිබෙන බවයි.
එහෙත් නව යුද හමුදාපතිවරයා කවරෙකුදැයි තවමත් නිශ්චිතව තීන්දු කර නොමැති බව රජය සඳහන් කරයි. නව යුද හමුදාපතිවරයා පත්කිරීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සිදුකරනුයේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බවත්, නව යුද හමුදාපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව අද හෝ හෙට දිනයේදී ස්ථිර තීන්දුවක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර රජයේ ආරංචි මාර්ග හා යුද හමුදා ආරංචි මාර්ගවලට අනුව මීළඟ යුද හමුදාපතිවරයා වීම සඳහා මේජර් ජෙනරාල්වරුන් වන ක්රිෂාන්ත සිල්වා, ප්රසාද් සමරසිංහ, ජේ.සී. රඹුක්පොත, එල්.ඩබ්.සී.බී.බී. රාජගුරු, මිලින්ද පීරිස්, එස්.ඩබ්.එල්. දවුලුගල, ආර්.එම්.ජේ.ඒ. රත්නායක, ජගත් ඩයස් යන නිලධාරීන්ගේ නම් යෝජනා වී තිබේ.