බල්ලන් අයාලේ යැවීම වැළැක්වීමට රුපියල් 25000ක දඩයක් හා මාස හයක සිර දඬුවමක් පැනවීම මගින් ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.
අයාලේ යන සුනඛයන්ගේ හිමිකරුවන්ට රුපියල් 25000ක දඩයක් පැනවීම අසාධාරණ බව පෙන්වා දෙන එම සංවිධානය පවසන්නේ සිදුකළ යුතු වන්නේ සුනඛයින් බෝවීම වැළැක්වීම බවයි. රජයේ නව ක්රියාමාර්ගය හේතුවෙන් අසරණ සුනඛයින් ඝාතනය කිරීමට වැඩි ඉඩක් පවතින බවත් එම සංවිධානය පෙන්වා දෙයි.