නව වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පමණක් එය ක්‍රියත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
නව වැට් බදු කෙටුම්පතට අනූව පෞද්ගලික අංශයෙන් සිදු කරන රෝග විනිශ්චය පරීක්ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන්, වැට් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත.
එසේම වාර්ෂික මුළු පිරිවැටුප රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි (කාර්තුවකට රුපියල් මිලියන 12.5) තොග සහ සිල්ලර වෙළෙදාම නව සංශෝධනයට අනුව වැට් බද්දට යටත්වේ.
තවද විදුලි සංදේශ සේවා, දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රස කාරක එකතු කළ කිරි පිටි, නව සංශෝධනයෙන් වැට් බද්දට යටත් කර ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළක සිට රටින් පිටත වෙනත් ගුවන් තොටුපොළකට යන මගීන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද වැට් බද්දට යටත් කර තිබේ.
අධික විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බැවින් බදු ක්‍රමයක් ගෙන ඒමට සිදු වූ බවත් මෙම බදු ක්‍රමය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක නොවන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.