නව ව්‍යවස්ථාව මෙතෙක් සාදා නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ලේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති හමුවකදීය.
ව්‍යවස්ථාවක් සකස්කර නොමැති වුවද ඒසඳහා පදනම්වන අනුකමිටු වාර්තා හයක් මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති බැවින් එම නිර්දේශ අනුව ව්‍යස්ථාව සෑදෙන්නේ නම් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම නිර්දේශ අනුව ව්‍යවස්ථාව සැකසීමෙන් රට කොටස් දෙකකට නොව කොටස් නවයකට වෙන්වීමේ අවදානමක් මතුව ඇති බවද දිලුම් අමුණුගම මහතා පැවසීය.
එහිදීවැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පවසා සිටියේය.
&ව්‍යවස්ථාව හදලා නැතිවෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. නමුත් ව්‍යවස්ථාව සැකසීම සඳහා පාර්ලිමේන්තුව පත්කළ කමිටු හයේ වාර්තා මේවනවිට ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්දේශ අනුවනම් මේ ව්‍යවස්ථාව හැදෙන්නෙ මේරට කෑලි දෙකකට නෙවෙයි කෑලි නවයකට කැඩිලා පොලිස් බලතල ඉඩම් බලතල ඇති චණ්ඩි නව දෙනෙක් බිහිකිරීමේ අවදානම තිබෙනවා.
වසර දෙකක් ගතවෙලත් පළාත් පාලන මැතිවරණය තියන්න හවුල් ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. හවුල නිසා තමයි මේ ආණ්ඩුවට මැතිවරණය නොතියා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙක හවුල් වුණාම ජනතාවගේ ප්‍රශ්න විසඳෙයි කියලා ජනතාව හිතන්න ඇති. ඒත් අද ඒ වෙනුවට වෙලා තියෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙක හවුල් වෙලා පක්ෂවල ප්‍රධානීන්ගේ ප්‍රශ්න විසඳාගෙන ජනතාවට ප්‍රශ්න වැඩිකරන එකයි. මේපිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාව අපි 27 වැනිදා නුගේගොඩින් ආරම්භකරවා.*