පාර්ලිමේන්තුව සහ කොල්ලුපිටිය අතර මාර්ගවල ක්‍රියාත්මක වන නව රථවාහන සැලැස්ම තුළින් අද (12දා) දිනයේදී මගීන් පිරිසකට යම් අපහසුතාවක් ඇති වුවත්, එම වැඩපිළිවෙළ සාර්ථක වැඩපිළිවෙළක් බවට තහවුරු වී තිබෙන බව රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.
මහරගම නගරය තුළ අද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක නොවූ බවත්, එහෙත් හෙට (13දා) සිට ප.ව. 1.00 සිට රාත්‍රී 9.00 දක්වා නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවත් ඒ මහතා පවසා සිටියේය.