රැකියා සඳහා කතුන් විදේශ ගත කිරීමේ නවතම ජාවාරමක් හෙළිකර ගැනීමට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවන් විදේශ ගත කිරීමේදී ඔවුන්ට අනිවාර්යය කර ඇති දින 40ක පුහුණු කාලය ව්‍යාජ අන්දමින් වෙනස් කර ඔවුන්ව විදෙස් ගත කිරීමට මෙහිදී කටයුතු කර තිබේ.