නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට නියමිත බව දේශපාලන ආරංච්මාර්ග පවසයි. එහිදී එක්සත් ජාතික පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 19ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍යධූර 16 පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. කෙසේවෙතත් හෙට දිනය වනවිට අමාත්‍ය මණ්ඩලය සදහා මන්ත්‍රීවරුන් නම්කර අවසන්කිරීමට පක්ෂ දෙකම තීරණය කර තිබේ.