නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.
ඔහු ශ්රී ලංකා යුද හමුදාවේ 21වැනි හමුදාපති වෙයි.
හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 22දා අවසන්වීමට නියමිතව තිබුණි.
දයා රත්නායක මහතා හෙට සිය ධුරයෙන් විශ්රාම ගන්නා අතර නව යුද හමුදාපති අනිද්දා වැඩ බාර ගැනිමට නියමිතය.
ක්රිෂාන්ත සිල්වා මහතා රණ වික්රම පදක්කම මෙන්ම උත්තම සේවා පදක්කමෙන්ද පිදුම්ලැබූ නිලධාරියෙකි.