නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යුද හමුදාව තුළ සිදුකරන ප්‍රධාන ප්‍රතිසංස්කරණ වශයෙන් මේජර් ජෙනරාල්වරුන්15 දෙනෙකු හා බ්‍රිගේඩියර්වරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමි ලබාදීමට ඊයේ (16දා) නියෝග නිකුත් කළේය.
මෙම ප්‍රතිසංස්කරණය කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීම හේතුකොටගෙනය.
ඔහු විශ්‍රාම යාමෙන් පසු හිස්වන යුද හමුදාපති තනතුර සඳහා මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වන අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු යුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් අනිවාර්ය නිවාඩු යැවූ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහත් යුද හමුදා ලේකම් වශයෙන් පත්කර තීබීමද විශේෂයකි.
මෙම ප්‍රධාන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම පිළිබඳ සකස්කර ඇති ලේඛනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට මත්තෙන් අනුමැතිය ලබාදී තිබේ. ඉන් අනතුරුව යුද හමුදාපති දයා රත්නායක මහතා එය ඊයේ දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කළේය.
ඒ අනුව මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ව්‍යාපෘති අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් පත්කර තිබේ. මේජර් ජෙනරාල් ජේ.සී. රඹුක්පොත මහතා යුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතා යුද හමුදා මූලස්ථානයට කැඳවා ඇති අතර, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාමහතා මධ්‍යම පළාත් ආඥාපති ලෙස පත්කර තිබේ.
මේජර් ජෙනරාල් එස්.සී.පී. ගුණතිලක මහතාශ්‍රී ලංකා ස්වේච්ඡාබල සේනාවේ ආඥාපති ලෙසද, මේජර් ජෙනරාල් මනෝ පෙරේරාමහතා යුද හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් ලෙසද, මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරාමහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කාර්යමණ්ඩල අධ්යක්ෂ ජෙනරාල් ලෙසද පත්කර තිබේ.
මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතායාපනයේ ආඥාපති ලෙස පත්කර ඇති අතර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්නමහතා යුද හමුදා මූලස්ථානයේ එම්.ජී.ඕ. (Master General Ordnance) තනතුරට පත්කර තිබේ. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකමහතා යුද හමුදා ලේකම් වශයෙන්ද, මේජර් ජෙනරාල් එන්.ජේ. වල්ගම මහතානැගෙනහිර ආඥාපති වශයෙන්ද, මේජර් ජෙනරාල් උදය පෙරේරාමහතා සපුගස්කන්ද ආරක්ෂක සේවා විද්‍යාලයේ හා ආරක්ෂක සේවා ආඥාපති වශයෙන්ද පත්කර තිබේ.
මේජර් ජනරාල් ජගත් අල්විස්මහතා යුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ. මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාවන්නි ආඥාපති වශයෙන් පත්කර තිබේ. මේජර් ජෙනරාල් බී.ඒ.පෙරේරාමහතායුද හමුදා මූලස්ථානයේ කාර්යමණ්ඩල අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් පත්කර ඇති අතර,බ්‍රිගේඩියර් ඩී.එස්. වීරසේකර මහතායුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ. බිග්‍රේඩියර් කැප්පෙටිවලාන මහතායුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ වශයෙන් පත්කර ඇති අතර, බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මහතායුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ.