නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන සඳුදා දිනයේදී පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිත අතර ඉන් අනතුරුව එය එළැඹෙන බදාදා දිනයේදී කැබිනට් අනුමැතියට යොමුකිරීමට නියමිත බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08දා) පැවැති සාකච්ඡාවකදි අණාවරණය විය.
නව මැතිවරණ ක්‍රමය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අතර එයින් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 සිට 255 දක්වා වර්ධනය වෙයි.
ආසන මට්ටමින් මන්ත්‍රීවරයෙක් පත්කිරීම මේ හරහා සිදුවන අතර එහිදී දැනට පවතින මැතිවරණ ආසන සංඛ්‍යාව 160 සිට 165 දක්වාද වර්ධනය කිරීමට නියමිතය.
මෙම මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීමට නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ සීමා නිර්ණය කොමිසම් සභාව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙයි.