නව මැතිවරණ ක්‍රමය ගැන නැවත සලකා බැලිය යුතුයි
නව මැතිවරණ ක්‍රමය ක්‍රියාවට නැංවීමේදී ගැටලු ඇතිව තිබෙන බවත්, නව මැතිවරණ ක්‍රමය පිළිබඳව සලකා බැලිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දිවුරුම් දීමේ උත්සවයට ඊයේ (22දා) අරලියගහ මන්දිරයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“එදා පැවති මැතිවරණ ක්‍රමය තුළ පක්ෂ අතර මනාප ගැනීමේ සටනකුත්, පක්ෂය අභ්‍යන්තරයේත් මනාප ලබාගැනීමේ සටනකුත් පැවතුණා. එම ක්රමයේ විශාල අඩුපාඩු තිබු හෙයින් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරමින් අප මෙම නව ක්‍රමය ඉදිරිපත් කළා. නමුත් මෙය ක්‍රියාවට නංවද්දී ගැටලු කිහිපයක් ඇති වුණා.
ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු තෝරන්නේ කෙසේද? කාන්තා නියෝජනය 25෴ක් තිබෙනවාද? මෙම ක්‍රමය හරහා ප්‍රාදේශීය සභාවල අස්ථාවරභාවයක් ඇති වෙනවාද? මේවා අප මුහුණ දෙන එම ගැටලු ලෙස සැලකිය හැකියි.
බොහෝ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු, තේරීමට තවමත් නොහැකිවී තිබෙනවා. ඇතැම් සභාවල වැඩි ඡන්ද ප්‍රමාණය එක් අයෙකුට හෝ දෙන්නෙකුට සීමාවී තිබෙනවා. ප්‍රාදේශීය සභාවල නිල කාලය වන වසර 04 සම්පූර්ණ වීමට පෙර ඇතැම් ගැටලු ඇති විය හැකියි. එමනිසා මෙම නව මැතිවරණ ක්‍රමය පිළිබඳවත් නැවත වතාවක් සලකා බැලිය යුතුයි.
අපේ අරමුණ විය යුත්තේ සියලුම පක්ෂවලට නියෝජනයක් ලබා දෙන අතරම, සියලුම ප්‍රාදේශීය සහ නගර සභාවල ස්ථාවරභාවයක් ඇති කිරීමයි. මෙම නව මැතිවරණ ක්‍රමය හරහා එම ස්ථාවරභාවය ඇතිවූවාද යන්න විශාල ගැටලුවක්. එය අපටත් අවබෝධ වී තිබෙනවා. එසේ නම් එය නිවැරදි කිරීමට කළ යුත්තේ කුමක්ද? නව සංශෝධන අවශ්‍යද?, ප්‍රාදේශීය සභාවේ ප්‍රශ්න පළාත් සභා වෙත පැතිරීම නවත්වාගන්නේ කෙසේද? ආදි ගැටලු ගණනාවක් අද මතුවී තිබෙනවා. මේවා පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සාකච්ඡාවට ගැනෙනවා.” යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


