සකස් කළ මැතිවරණ ක්‍රමයෙන් සමහර පක්ෂවලට අසාධාරණකම් සිදුවන නිසා පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා සිටින බවත්, එහෙත් මෙම මැතිවරණ ක්‍රමයට පයින් ගසා කටයුතු නොකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
මෙම මැතිවරණ ක්‍රමයෙන් අසාධාරණයක් සිදුවනවා නම් පාර්ලිමේන්තුවට ගොස් අසාධාරණකම් නැති කරගැනීමට ඕනෑම පක්ෂයකට හැකියාව තිබෙන බවද පවසා සිටියේය.
එසේ නොමැතිව ජනතාව ඉල්ලූ මෙම මැතිවරණ ක්‍රමයට පයින් ගසා කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.