හෙට ආරම්භවන 08 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරියගේ නම යෝජනා වී තිබෙන අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසිගේ මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පෙර පරිදිම ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පෙරපරිදිම ගයන්ත කරුණාතිලක හිටපු අමාත්‍යවරුන් පත් වනු ඇති බවද වාර්තා වේ. නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිවෙකු නොසිතන තීන්දුවක් හෙට දිනයේදී ජනාධිපතිවරයා ගනු ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු පැවසීය.