8 වන පාර්ලිමේන්තුවේ සම්මතවු පලමුවන පනත් හය(06) සඳහා කථානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබීණි. දේශිය ආදායම් බදු සංශෝධන පනත, ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත, ඔට්ටු ඇල්ලීමේ හා සූදු බදු සංශෝධන පනත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත, එකතුකල අගය මත බදු සංශෝධන පනත, මෙන්ම, මුදල් පනතක්ද මීට අයත් වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පත් නීතියක් ලෙස බලාත්මක වන්නේ කථානායකවරයා විසින් අත්සන යෙදු පසුවය. කථානායකවරයා ලෙස පත්වු පසු කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සම්මත කල පනත් කෙටුම්පත් සඳහා ස්වකීය අත්සන යෙදු ප්රිථම අවස්ථාවද මෙය වේ.