පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලයෙන් පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත පසුගිය 25 වැනිදා දන්වා තිබේ.
තිලංග සුමතිපාල මහතා 2015 සැප්තැම්බර් 01 වැනිදා සිට නියෝජ්‍ය කථානායක ධුරය දැරූ අතර, පසුගිය අප්‍රේල් මස 05 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදී තිබිණි.
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ජුනි 05 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තුව ප්‍රකාශ කළේය.
මේ අතර, කථානායක ධුරය සඳහාවිපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවද 'අද'ට වාර්තාවේ. අදාළ කරුණ පිළිබඳව විපක්ෂ නායකවරයාගෙන් හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාකර ඔවුන්ගේ සහාය ලබාගැනීමටද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ සූදානමින් සිටිති. කෙසේ වෙතත් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මුල්ම කාර්යය ලෙස නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කිරීමට නියමිතව ඇති අතර එය රහස් ඡන්දයෙන් පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තාවේ.