නියෝජ්‍ය කථානායක ධුරයට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පත්කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ කතාබහක් ඇතිව තිබේ.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ මනා වැටහීමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම්ද මේ සඳහා යෝජනා වී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම මීළඟට රැස්වන දිනයේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.
නියෝජ්‍ය කථානායක ධුරය හෙබ වූ තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය හිස්වී තිබේ.
කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන්කිරීම හේතුවෙන් යළිදෙවැනි පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට නියමිතව ඇත්තේ මැයි මස 08වැනිදාය.
ඒහේතුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කරගැනීම මෙම දෙවැනි පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.