ශ්රී ලංකා නාවික හමුදාවේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (01 දා) පෙරවරුවේදී නාවික හමුදා මූලස්ථානයේදී වැඩභාර ගැනීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ ජයන්ත පෙරේරා මහතා සඳහන් කළේ රජයේ දර්ශනයට අනුව කටයුතු කර බවත්, යුද්ධයේදී මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත්ය.