අද (01දා) සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්වරයාට පවා පැහැදිලිතාවක්නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
නව බදු පැනවීමේදී ගැසට් නිවේදන නිකුත් කිරීම ගැටලුවක් වී තිබෙන බවත්,තමාටද එය පැහැදිලි නැති බවත්,මේ සම්බන්ධව දේශීය ආදායම් උපදේශකයන් හමු වී පැහැදිලි කරගැනීමට සිතාගෙන සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බදු පැනවීම් ක්‍රියාත්මක වන්නේ ගැසට් නිවේදන නිකුත් කළ දා සිටද, එසේත් නැතහොත් නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වන අද දින සිටද යන්න ගැටලුසහගත බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේදී පැවැති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ යම් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමක තිබී ලැබෙන පොලියෙන් සත 5000ක ආදායමක් ලැබුවද එම පොලිය මත බද්දක් අයකිරීමට නව පනතින් සැලසුම් කර ඇති බවයි.