නව දේශපාලන ක්රමයක් ඇති කිරීම පිළිබඳව කුඩා පක්ෂ සිය යෝජනා ලබාදීම ලබන සිකුරාදා සිදුකරන බව වාර්තා වේ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කුඩා පක්ෂ ගණනාවක් දැනටමත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කොට ඇත.
ඒ සඳහා ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා ජනතා පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව කටයුතු කරයි.
අදාළ යෝජනා ලබන සිකුරාදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා %අද^ පුවත්පතට පැවසීය.