අලූතින් දුම්රිය එන්ජින් 12 ක් සහ බලවේග කට්ටල 9 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. 2014 වර්ෂයේ පත්කරන ලද නිළධාරී කමිටුවක් විසින් වසර 10 ක් සදහා වු ප්‍රසම්පාදන සැලැස්මක් සකස්කර ඇති අතර එම කම්ටුවේ නිර්දේශ අනුව මෙම තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.