ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහෝදරත්වයෙන් එකට එකතු වී ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනාධිපතිවරයා වෙනස් වූවා සේ නව දර්ශනයක් සහිත නව අගමැතිවරයෙකු පත්විය යුතු බව සඳහන් කළ සිරිසේන මහතා, ඒ සම්බන්ධව තමා කිසිවෙකු සමග ගිවිසුම්වලට එළඹ නොමැති බවත්, සමහරු ගිවිසුම් ගසා ඇතැයි අසත්‍ය ප්‍රචාරය කරන බවත් පවසා සිටියේය.
ඒ මහතා මේ බව පැවසුවේ, %එක්වෙමු - ජයගමු - වැඩකරමු^ මැයෙන් කුරුණෑගල දඹදෙණියේදී ඊයේ (14දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.
සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, පක්ෂය කඩාගෙන ගොස් වෙනත් පක්ෂ හෝ පෙරමුණු නිර්මාණය කළහොත් එහි වාසිය යන්නේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට බවත්, එවැනි අවස්ථාවලදී පාක්ෂිකයා අසරණ වෙමින් ප්‍රතිවාදීන් ශක්තිමත් වූ ආකාරය පිළිබඳව ඉතිහාසයේ බොහෝ උදාහරණ තිබෙන බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රජාතන්ත්රවාදී වී තවදුරටත් පක්ෂයේ සාමාජිකයන්ට බලතල ලබාදීම අවශ්‍ය බවත්, පක්ෂයේ බලය විමධ්‍යගත කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ප්‍රා‘දේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සාමාජිකයන්ට තිබිය යුතු බලතල පැහැදිලි විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
ආණ්ඩුව විසින් පක්ෂය පාලනය කිරීම නොව, පක්ෂ ප්‍රතිපත්ති විසින් ආණ්ඩුව පාලනය කිරීම සිදුවිය යුතු බව පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා, තමාට කිසිම පුද්ගලයෙකු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් පක්ෂ නායකත්වයත්, සභාපතිකමත් තමාට ලබාදුන්නා නම් රට ගොඩනැගීමට සහාය ලබාදීම සියලු දෙනාගේ යුතුකමක් බවත් අවධාරණය කළේය.