විදෙස් රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත් කර තිබේ.
තානාපතිවරුන්
ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු - චීනය තානාපති ලෙසද , දර්ශන පෙරේරා - ඉන්දුනීසියාවේ තානාපති ලෙසද , ඒ.එල්.එම් ලාෆීර් - ජෝර්දානයේ තානාපති ලෙසද, කේ.ඩබ්ලිව්.එම්.ඩී කරුණාරත්න - මියන්මාර් තානාපති ලෙසද, ඒ.එම්. තසීම් - සවුදි අරාබි තානාපති ලෙසද පත්කර තිබේ.
සී.එම්. අන්සාර් - තුර්කි තානාපති ලෙසද , එස්.ජේ මොහිදීන් - එක්සත් අරාබි එමීර් රාජයේ තානාපති ලෙසද, එම්.එස් අන්වර් - පලස්තීන තානාපති ලෙසද පත්කර තිබේ.
මහකොමසාරිස්වරුන් වශයෙන් පහත පුද්ගලයින් පත්කර තිබේ-
• සුනිල් ද සිල්වා - මහකොමසාරිස් - දකුණු අප්‍රිකාව
• නිමල් වීරරත්න - මහකොමසාරිස් - සිංගප්පූරුව
• ඩී.එස්.එල් පැල්පොල - මහකොමසාරිස් - ඉතාලිය
• ප්‍රියානි විජේසේකර - මහකොමසාරිස් - ඔස්ට්‍රියාව
මේ අතර බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නැත.
කුමාර් සංගක්කාර මහතාද එම තනතුර ප්‍රතික්ෂේප කළේය.