නව ගුවන් හමුදාපති වැඩ භාරගනී
(PICTURES) නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අද (28දා) වැඩ භාරගනු ලැබීය.ඔහු ගුවන් හමුදාපති ලෙස තේරීපත්වීමට මත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලැබීය.
කෝලිත ගුණතිලක මහතා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලේ හා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතර 1980 වසරේ කැඩෙට් නිළධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැදී තිබේ. රණවීර පදක්කම, රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ඇතුළු පදක්කම් රාශියක් හිමිකරගෙන ඇති කිර්තිමත් නිලධාරියෙකි.
ඔහු මානුෂීය මෙහෙයුම පවතින වකවානුවේදී ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරන ලදී.
හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඊයේ (27දා) නිල වශයෙන් සිය රාජකාරී නව ගුවන් හමුදාපතිවරයාට භාරදුන්නේය. නව ගුවන්හමුදාපති වෙනුවෙන් සම්මාන උත්තමාචාර පිරිනැමීම අද (28දා) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

