අටවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස හිටපු අමාත්‍ය කරු ජයසූරිය මහතා පත්කිරීමට නියමිත බව වාර්තාවෙයි. එක්සත් ජාතික පෙරමුණ විසින් ඔහු කතානායකවරයා ලෙස පත්කිරීමට තීරණය කර තිබේ.
අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය පැවැත්වෙන සැප්තැම්බර් මස පළහු වැනිදා ඔහුගේ නම යෝජනා කිරීමට නියමිත අතර ඒ සඳහා බහුතර පක්ෂයන්ගේ කැමැත්ත ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණ බලාපොරොත්තුවෙන් පසුවේ.
මැතිවරණයට තරග නොකළත් කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කොට තිබේ.
කරු ජයසූරිය මහතා 2000 වසරේදී ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට පත්විය.