නව උක් ප්රභේද 05ක් උක් පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කර තිබේ.වැඩි සීනි අස්වැන්නක් හා විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙන ලෙස සකස් කර තිබෙන උක් ප්රභේද වර්ග 05 හෙට (28දා) උක් ගොවීන්ට හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
නව ප්රභේද වර්ග 05ත් සමග ලංකාව තුළ භාවිත කරන උක් ප්රභේද ප්රමාණය 22ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙලෙස හඳුන්වා දුන් නව උක් ප්රභේද වර්ග SL 0095, SL 00354, SL 00603, SL 00652, SL 04624 ලෙස නම් කර ඇත.
2025 වසරේදී සීනි කර්මාන්තය ස්වයං පෝෂිත කිරීමට ඉලක්ක කර ගනිමින් මෙම ප්රභේද 05 හඳුන්වා දීමට උක් පර්යේෂණායතන කටයුතු කර තිබේ.