ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද(12දා) උදෑසන සිදුනොවුණොත් අලුත් අවුරුද්දට ප්‍රථම අමාත්‍යමණ්ඩලය දිවුරුම් දීමට අවස්ථාවක් නොමැති බව වාර්තාවේ.
අවුරුදු නිවාඩුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(12දා)කොළඹින් බැහැර යෑමට නියමිත අතර, අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතවීමට නියමිතය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද බොහෝ අමාත්‍යවරුන් මේවනවිට විදෙස්ගතව ඇති අතර, ඊයේ(11දා) රාත්‍රිය වනතුරුද ඔවුන් දිවයිනට පැමිණ නොතිබිණි.
ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව අමාත්‍යාංශ විෂය බෙදීම් මේවනවිට සකස්කර ඇති බව වාර්තා වන අතර, එසේ වුවද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවුරුද්දෙන් පසුව සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.