ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම් වරයා ලෙස ඒ.පී.ජි. කිත්සිරි මහතා අද ( 09) දින සිය ධූරයේ වැඩභාරගන්නා ලදි. පොළොන්නරුව, මැදිරිගිරිය, දිවුලංකඩවල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබදව විශේෂ උපාධියක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන පිළිබද පශ්චාත් උපාධි ආයතනයෙන් කළමණාකරණය පිලිබඳ පශ්චාත් උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (ICT) තොරුතුරු තාක්ෂණ පිළිබද පශ්චාත් උපාධියද ලබාගෙන ඇති ඒ මහතා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 30 ක පමණ සේවාකාලයක් ඇති විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
මීටපෙර සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයෙකු ලෙසද, ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙසද, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක ලෙසද, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසද, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ටාර් ලෙසද, සමූපකාර හා වෙළද අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා වැඩබලන ලේකම් ආදී වශයෙන් රාජ්‍ය අමාත්‍යාශ හා දෙපාර්තමේන්තු රාශියක සේවය කර ඇත.
තවද දේශීය හා විදේශීය සම්මන්ත්රණ හා පුහුණු වැඩසටහන් රාශියකට සම්බන්ධ වී ඇති ඒ මහතා රාජ්‍ය ව්‍යස්ථාපිත ආයතන රැසක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.