බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුවන් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) පස්වරුවේ කටයුතු කළේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේස්වරන් මහතාත්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමකුමාර නානායක්කාර මහතා හා වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස අමරා පියසීලි රත්නායක මහත්මියත් දිවුරුම් දුන්හ.
ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලබාදුන්නේය.
ලෝගේස්වරන් මහතා
අමරා පියසීලී රත්නායක මහත්මිය
හේමකුමාර නානායක්කාර මහතා
ජනපති මාධ්‍ය අංශය