නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඊයේ (23දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙලෙස නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.