රටේ සියලුම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ කළ යුතු වෙනස්කම් රැසක් ඇති බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී නව අධ්‍යාපන පනතක් ගෙන එන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය 49 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් විද්‍යාල පරිශ්‍ර‘යේ අද (10දා) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
අනාගතයට ගැළපෙන ලෙස දැනුම පාදක සමාජයක් තුළ රැකියාභිමුඛ අධ්‍යාපනයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා වසර 50 ක් 60 ක් ඉදිරි අනාගතය දකිමින් ඊට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව වෙනස් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සමග එක්ව පියවර ගෙන ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
එම විෂය මාලා සංශෝධන පිළිබඳ කරුණුද නව අධ්‍යාපන පනතට එක්කරන බවත්, ඉදිරියේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වලට සෞඛ්යාරක්ෂිත ඩෙස් පුටු ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අදටද පාසල්වල තදබදයක් පවතින බවත්, ඊට විසඳුම් වශයෙන් ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පාසල් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, තදබදය වැඩි ප්‍ර‘දේශ ඉලක්ක කරගෙන අලුතින් පාසල් ගොඩනගන්නටද ඉදිරියේදී පියවර ගන්නා බව කියා සිටියේය.
අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ කාලාන්තරයක් තිස්සේ නොවිසඳී පවත්නා ගැටලු පිළිබඳ වසර 11 ක් පුරා පාර්ලිමේන්තුව තුළ හඬ නගන්නට තමන් ඉදිරිපත් වූ බවත්, එදා විපක්ෂයේ සිටියදීම හඳුනාගෙන සිටි එම ගැටලුවලට අද අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්ෂේත්රය තුළ නොබියව විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.