සමන් ඒකනායක මහතා අද(24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පාරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ තනතුරු දරා ඇති ඔහු මැලේසියාවේ සහ එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වලද සේවය කර ඇත. එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙසද සමන් ඒකනායක මහතා සේවය කර තිබේ.